වන විනාශය හා අධික ෆොසිල ඉන්ධන දහනය තුලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව ගෝලීය උෂ්ණත්වය ඉහල යාම කෙරෙහි බරපතල ලෙස බලපා ඇති බව අප සැවොම හොඳාකාරවම දනිමු. අප මේ Wikipedia පේජය ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වනුයේ, වෘක්ෂලතා හා ඒවායේ පැවැත්මට අවශ්‍යය වන පරිසර සාධක විනාශයෙන් සිදුවන අහිතකර බලපෑම් පිලිබඳ මහජනතාව හැකිතාක් දැනුවත් කිරීම හා අන්‍යන්ට ආදර්ශයක් වන ලෙසට වෘක්ෂලතා හා බැඳි ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයින් අගය කිරීමත් ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් අනෙකුත් අයට දැකීමට සැලසීමය.