දක්ෂිණ බෝධිනායක තම ළදරු පාසල් අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලංකාවේ නුගේගොඩ නගරයේ පිහිටි අනුලා ළදරු පාසලෙනි . ඒ 1975 වසරේදීය . මුලික අධ්‍යාපනය ආරම්භ වන්නේ කොළඹ 10 අසෝක විද්‍යාලයෙනි . (එවකට අසෝක කනිෂ්ට විද්‍යාලය ලෙස හැදින්වීය ). පත්මසිරි ධර්මරත්න මහතා එහි විද්‍යාලයාධිපති වශයෙන් කටයුතු කළේය . දක්ෂිණ සිය ද්විතීක අධ්‍යාපනය අරඹන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි . කොළඹ ආනන්ද විද්‍යාලය , ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෞද්ධ පාඨශාලාවයි . 1969 දෙසැම්බර් 19 වනදා කොළඹ 10 ද සොයිසා කාන්තා රෝහලේදී ජන්මලාභය ලැබූ දක්ෂිණ බෝධිනායකගේ මුල් ගම බෙන්තොටය . එය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රධාන සංචාරක නගරයකි . බෙන්තොට බෙන්තර නමින්ද හඳුන්වනේය. බෙන්තොට ගඟ දකුණු පළාතෙත් බස්නාහිර පළාතෙත් මායිම් ලෙස සැළකේ . බෙන්තොට ශ්‍රී ලංකාවේ ට එන ලොවපුරා විදේශීය සංචාරකයින්ගේ වෙසෙසි ආකර්ෂණය දිනාගත් සංචාරක පාරාදීසයකි . එහෙත් බෙන්තර ජන ජීවිතය තුල පැහදිළි ප්‍රමාණාත්මක සංවර්ධනය සිදුවී නොමැත .ග්‍රාමීය ජනතාවගේ යටිතළ පහසුකම් පිළිබඳව ප්‍රශ්න රැසකි . පොදු මහජන්තාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව උදෙසා ගම තුල ක්‍රමානුක වැඩපිළිවෙලක් සකස් වී නොමැත . බෙන්තර ගමෙන් බිහිවූ උගතුන් , වියතුන් හා කීර්තිමත් ශ්‍රී ලාංකිකයින් ගණනාවකි . දක්ෂිණ බෝධිනායක ගේ පියා ධනසිරි බෝධිනායක ය . ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් විද්‍යා ලේඛකයෙකි . ලියා ඇති පොත් සිය ගණනකි . ධනසිරි බෝධිනායක විද්‍යා ගණිත ගුරුවරයෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කළේය . ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක වරයෙකි . හෙතෙම විද්‍යා වැඩසටහන් නිෂ්පාදනයෙහිලා පුරෝගාමී ගුවන් විදුලි සන්නිවේදකයෙකි . ජර්මනියේ ( එවකට බටහිර ජර්මනිය ) ගුවන් විදුලි හා රුපවාහිනී අධ්‍යනය පිළිබඳව පූර්ණ කාලීන ශිෂ්‍යත්වයක් ලැබූ ධනසිරි බෝධිනායක එහි දෙවසරක පුහුණුවක් ලැබුවේ එහි විශිෂ්ට සමාර්ථය ලබමින් ය . ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ( ලේක් හවුස් ) ප්‍රථම සතිපතා විද්‍යා පුවත්පත වූ විදුනැණ විද්‍යා පුවත් පතේ පුරෝගාමී ආරම්භක කතුවරයාය . ( විදුනැණ ආරම්භ වන්නේ විදුරැස නමිනි) . දක්ෂිණ බෝධිනායක ගේ මව කුසුම් බෝධිනායක . විවාහයට පෙර ඇය කුසුම් බාලසූරිය යයි . ශ්‍රී ලංකා වේ කොළඹට සැතපුම් 12 ක් පමණ නොදුරින් පිහිටි කොට්ටාව ඇය උපන් ගමයි . එවකට ශ්‍රී ලංකාවේ විසූ ඉතා කීර්තිමත් දෛවඥයෙකු වූ ඩී . එස් . බාලසූරිය ඇගේ පියා ය .