“Lucky money“ හෙවත් ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී “වාසි කොළේ“ යනුවෙන් හඳුන්වන්නේ දකුණු පළාතේ පැරැන්නන් තුළ පවත්නා මුදල් පිලිබඳ වූ ඉපැරණි විස්වාසනීය ඇදහිලි ක්‍රමයකි. ඔවුන් ඉතාමත් විස්වාසයෙන් පවසන පරිදි වැල්ලකරයේ සිටිනා තරමක මහත දෙහෙත පුන් පියයුරු සහිත කතක් ඇයගේ ලැම අස්සේ සඟවාගෙන සිටින මුදල් නෝට්ටුවක් ඇය හා සිදු කල ගනුදෙනුවකින් ඔබට ලැබුනු පසු එය ඔබගේ මුදල් පසුම්බියේ නිතරම දමාගෙන සිටීමෙන් ඔබට නිරන්තරයෙන් මුදල් ගලාගෙන එන අතර එම “වාසි කොළය“ කිසිවෙකුගේ ඇල්ම බැල්මට හසු නොවී තිබෙන තාක් කල් ඔබට කිසිඳු මූල්‍යයමය අඩුපාඩුවක් සිදු නොවන්නේය යනු ඔවුන්ගේ පාරම්පරික ඇදහීමයි. දොඩන්දූව ග්‍රාමයේ ජනතාව අතර අදටත් මෙම චාරිත්‍රය ශේෂව පවතී.

References

edit